මෙරට ඉදිකළ විශාලතම ක්‍රිස්තුස් වහන්සේගේ පිළිරුව බැතිමතුන්ගේ වන්දනාමානයට විවෘත කෙරේ (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිස්තුස් වහන්සේගේ පිළිරුව අශිවාද ගැන්වීමේ විශේෂ උත්සවයක් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයේ ඊයේ (29) පැවැත් වුණා.

සීදුව – සුපුවත් අරණ පරිශ්‍රයේ ඉදිකර ඇති අඩි 60ක් උසැති මෙම ක්‍රිස්තුස් වහන්සේගේ පිළිරුව ජනතා වන්දනාමානය සඳහා විවෘත කිරීම ද මීට සමගාමීව සිදු කෙරුණා.

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සුරතින් ආශිර්වාද කර විවෘත කළ මෙම පිළිරුව සුදු යකඩින් නිර්මාණය තිබෙනවා.

මෙම විශිෂ්ඨ නිර්මාණය සුපුවත් අරණ පරිපාලක ගරු ඩැරල් පියතුමාගේ කලාත්මක සංකල්පය අනුව ඉදිකරන ලද්දක්.

මෙම අවස්ථාවට බෞද්ධ භික්ෂුන් වහන්සේලා, පියතුමල්ලා සහ කන්‍යා සොයුරියන් ඇතුළු බැතිමතුන් විශාල පිරිසක් සහභාගීව සිටියා.