මුහුදු නොයන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

හෙට (06) පෙරවරු 10.00 තෙක් වලංගු වන පරිදි නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දෙනවා.

එබැවින්, මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන් දැනුවත් කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වුණේ.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව ද කාලගුණ නිවේදනයේ සඳහන්.

එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05