මීගොඩ වල්පිට ගැමුණු මාවතේ දී බත්තරමුල්ල සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයාට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රැඳවුම්බාරයේ සිටි සැකකරුවන් සිව් දෙනා 27 වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස හෝමාගම මහේස්ත්රාත් නිලුපුලි ලංකාපුර අද (13) දින නියෝග කළා.
එම සැකකරුවන් අතුරින් වෙඩි තැබීම සිදු කළ බව කියන යුද හමුදාවෙන් පලා ගොස් සිටි සෙබළකු වන සැකකරු හදුනා ගැනීමේ පෙරෙට්ටුවක් සදහා එදිනට යොමු කරන ලෙසද මහේස්ත්රාත්වරිය නියෝග නිකුත් කළා.
