මීගමු බන්ධනාගාර ගැටුමට සැකකරුවන් ලෙස කාන්තා රැඳවියන් 25කගේ නම්

මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී පොදු දේපල වලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25ක් නම් කරන බවත් එම සැකකරුවන් 25ම මීගමුව කාන්තා බන්ධනාගාරයයේ රැඳවියන් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියා.

එම කාන්තා සැකකරුවන් සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ නඩු පවරන බවත් නඩුව අවසන් වන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිය.

මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් නඩුකරය අද (10) මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඒ අනුව මේ වන විට සැකකරුවන් 106 දෙනෙකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීහු සඳහන් කළා.

එම කාන්තා සැකකරුවන් සහ සැකකරු අංක 30 සිට 60 දක්වා සැකකරුවන් ආවරණය දින කර හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියා.

එමෙන්ම සාක්ෂිකරුවන් වන බන්ධනාගාරය නිලධාරීන් 20දෙනෙකුට නොතිසී නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියා.

ඊයේ (10) සැකකරුවන් 23 දෙනෙකු ( සැකකරු අංක 07 සිට 30 දක්වා) හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කළ අතර මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය හමුවේ මෙම හඳුනා ගැනීමේ පෙරටුවේදී සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූ බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරුවන් හඳුනාගනු ලැබුවා.

අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටි නියෝග මහෙස්ත්‍රාත්වරිය නිකුත් කළ අතර සැකකරුවන් 106 දෙනාම සැප්තැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළා.

අපරාධපරීක්‍ෂණදෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ( 01 ) හි සහකාර පොලිස් අධිකාරී චන්දන කලුආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාතිලක ,උප පොලිස් පරීක්ෂක දුලිත මදුරංග, උප පොලිස් පරීක්ෂක මදුසංක,පොලිස් කොස්තාපල්වරුන් වන ්දුලංග, ජයසූරිය, බණ්ඩාර, අනිල්, අසේල , සහ හේරත් යන නිලධාරීන් පිරිසක් විසින් මෙම වැඩි දුර වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළා.

ජූලි 05, 06, යන දිනවල මීගමුව බන්ධනාගාරේ ඇති වූ මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරින් 20 දෙනෙකු සහ රැඳවියන් 22 කු ජීවිතක්ෂයට පත් වූ අතර සීයකට අධික පිරිසක් තුවාල ලැබීය. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදුකරන අතර පොදු දේපල පනත යටතේ, ගිනි අවි ආඥා පනත යටතේ සහ මීනි මැරිම යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.10
08:16:12
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති - යුරෝපයට යැවෙන ප්‍රථම උභයජල යාත්‍රාව
01:41
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ - කැමරාව දිහාවත් නොබලා යන හැටි
00:44
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි..උණුසුම් තත්ත්වයක්.."හෙ# ග#නවා මහත්තයෝ"
02:55
Video thumbnail
12 වෙනිදා මහින්දගේ වේදිකාවට මම නගිනවා - අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
01:37
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - නාමල්ව දානවා කියලා අපේ මිනිස්සු චූන්වෙලා
02:20
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10