මිස් ඉන්ටර්නැෂනල් රූ රැජින තරඟාවලියට ටිෆනි විජේපාල පිටත්ව යයි

ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන 64 වන මිස් ඉන්ටර්නැෂනල් ( Miss International – 2026 ) රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වීම සදහා ටිෆනි විජේපාල අද(11) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ජපානය බලා පිටත්ව ගිය බවට වාර්තාවෙනවා.

මෙම තරගාවලිය ලෝකයේ ප්‍රධානතම රූ රැජින තරඟාවලි වලින් එකක් වන අතර මේ සදහා ලෝකයේ රටවල් 80 ක තරුණ රූ රැජිනියන් සහභාගි ‍වෙනවා

අද (11) දින සිට මෙමස 25 දින දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී මෙම තරඟාවලිය පැවැත්විමට නියමිත බවට වාර්තාවෙනවා.

ටිෆනි විජේපාල අද දින අලුයම 12.45 ට හොංකොං  නුවර බලා  කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්. – 711 දරන ගුවන් යානය මගින් ජපානය බලා පිටත්වී ගොස් තිබෙනවා.