මිත්තණියන් දෙදෙනා ඝාතනය කළ 15 මිණිබිරිය අත්අඩංගුවට

මූතූර් ප්‍රාදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම කාන්තාවන්ගේ මිණිබිරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි වියේ පසු වූ බාලවයස්කාරිණියක්.

මූතූර්, දාහානගර් ගම්මානයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනකු අද (14) උදෑසන කාලයේ තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර තිබුණා.

මෙලස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 68ක හා 74ක සහෝදරිය දෙදෙනෙක් වන අතර, ඔවුන්ගෙන් අයෙක් විශ්‍රාමික ගුරුවරියක් සහ අනෙක් තැනැත්තිය විශ්‍රාමික හෙදියක් වනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය සිද්ධියට සැකපිට ගැහැණු දැරියක් අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ගැහැණු දැරිය මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි.

සිය මිත්තණියන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට තමන්ට වඩා හොඳින් සැලකීම හේතුවෙන් ඇති වූ සිත් තැවුල මත මෙම ඝාතනය සිදුකළ බවයි ඇය පොලීසිය හමුවේ පපොච්ච්රණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41