Empty Ad
AFC Banner
Empty Ad

මිත්තණියන් දෙදෙනා ඝාතනය කළ 15 මිණිබිරිය අත්අඩංගුවට

මූතූර් ප්‍රාදේශයේ දී කාන්තාවන් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට එම කාන්තාවන්ගේ මිණිබිරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 15 හැවිරිදි වියේ පසු වූ බාලවයස්කාරිණියක්.

මූතූර්, දාහානගර් ගම්මානයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනකු අද (14) උදෑසන කාලයේ තියුණු ආයුධයකින් කපාකොටා ඝාතනය කර තිබුණා.

මෙලස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 68ක හා 74ක සහෝදරිය දෙදෙනෙක් වන අතර, ඔවුන්ගෙන් අයෙක් විශ්‍රාමික ගුරුවරියක් සහ අනෙක් තැනැත්තිය විශ්‍රාමික හෙදියක් වනවා.

මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹු පොලිසිය සිද්ධියට සැකපිට ගැහැණු දැරියක් අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ ගැහැණු දැරිය මෙම ද්විත්ව ඝාතනය සිදුකර ඇති බවයි.

සිය මිත්තණියන් දෙදෙනා තවත් මුණුබුරන් දෙදෙනෙකුට තමන්ට වඩා හොඳින් සැලකීම හේතුවෙන් ඇති වූ සිත් තැවුල මත මෙම ඝාතනය සිදුකළ බවයි ඇය පොලීසිය හමුවේ පපොච්ච්රණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
<p>?</p>