‘මිජවුම්’ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ චෙන්නායි ගුවන් ගමන් අවලංගු වෙයි

අද (04) දිනයේ ඉන්දියාවේ චෙන්නායි බලා පියාසර කිරීමට තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

‘මිජවුම්’ සුළි කුණාටුවත් සමඟ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහන් කළේ.

ඒ, අනුව අද (04) උදෑසන 6.00ට ගමන් ආරම්භ කිරීමට තිබූ UL 121 දරණ ගුවන් යානය අවලංගු කිරීමට කටයුතු කළ බවයි වාර්තා වුණේ.

එමෙන්ම අද (04) පස්වරුවේ චෙන්නායි බලා පිටත්ව යෑමට ඇති UL 127 දරණ ගුවන් යානය ද මෙම අයහපත් කාලගුණික තත්ත්වය මත වලංගු කර තිබෙනවා.

මේ අතර ඉන්දීය මාධ්‍ය අද පෙරවරුවේ වාර්තා කළේ ‘මිජවුම්’ සුළි කුණාටුවේ බලපෑමත් සමඟ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් චෙන්නායි ගුවන් තොටුපොළ ජලයෙන් යටව ඇති බවයි.

මෙම තත්ත්වයත් සමඟ එම ගුවන්තොටුපොළේ මෙහෙයුම් කටයුතුවලට ද දැඩිලෙස බලපෑම් එක්ක වී තිබූ බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37