spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් දයාසිරිගෙන්

ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ නායකත්වයෙන් අද (20)දින නව සන්ධානයක් එළිදක්වනු ලැබුවා.

මෙම නව සන්ධානය මානුෂීය ජනතා සන්ධානය ලෙස එය නම් කර ඇති අතර පක්ෂ සහ සිවිල් සංවිධාන 22ක් සමග ගිවිසුම් ගත වීම මෙහිදී සිදු කෙරුණා.

ඒ අනුව එක්සත් ලංකා පොදු ජන පක්ෂය වෙනුවෙන් අජන්ත හේවගේ, එක්සත් කොංග්‍රස් පක්ෂය වෙනුවෙන් නායක අබ්දුල් මජීර්, ජාතික පෙරමුණ වෙනුවෙන් එහි නායක රංජිත් පීරිස් ඇතුලු පක්ෂ කිහිපයක් සන්ධාන ගත වූ පක්ෂ අතරට අයත්.

මෙම අවස්ථාවට දේශපාලන පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, රවුෆ් හකීම්, පී දිගම්බරම් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ඇතුලු පිරිසක් ද එක්ව සිටියා.

මානුෂීය ජනතා සන්ධානය ජනගත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අදහස් දැක්වූ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ ජනතාව ඒකරාශී කර ගනිමින් ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?