මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාව සම්පූර්ණයෙන්ම පාලනය කෙරේ

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාව මේ වනවිට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය පවසනවා.

මෙම නොසන්සුන්තාවයට මුල් වූ රැඳවියන් දසදෙනෙක් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මැගසින් බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් බන්ධනාගාරය ඇතුළට විසි කළ කුඩා පාර්සලයක් බන්ධනාගාර නිලධාරියෙකු භාරයට ගැනීමත් සමඟ රැඳවියන් පිරිසක් මෙලෙස කලහකාරී ලෙස හැසිරී ඇති බව සිදුකළ විමර්ශනවල දී අනවරණය වී තිබෙනවා.

එහිදී ඇති වූ නොසන්සුන්තාව බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව පාලනය කිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර, බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට ද කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27