මාරක රිය අනතුරක් – අයෙක් මරුට

ඊයේ (14) උදෑසන කාලයේ මංගලගම පොලිස් වසමේ අම්පාර මහනුවර මාර්ගයේ මංගලගම ප්‍රදේශයේ දී මහඔය දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ගමන් ගත් පාපැදිකරුවෙකුගේ ගැටී අනතුරක් සිදුවීමෙන් ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු සෙනරත්පුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදියි මියගොස් ඇත්තේ.

මරණකරු වයස අවුරුදු 58 ක් වූ මංගලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මහඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට අදාළ ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා මහඔය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මංගලගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?