මානව හිමිකම් කොමිසමේ අපහාස පැමිණිල්ල විභාග කිරීමේ තීරණය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කලේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේ ද නැද්ද යන තීරණය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුවට කල් තැබුවා.

ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවති කරුණු සලකා බැලීම අවසන් වීමෙන් අනතුරුව අද මෙම නියෝගය නිකුත් කෙරුණා.