මාදම්පේ ඔරලෝසු කණුව උඩ යකා නැටූ පුද්ගලයා රෝහලට (ඡායාරූප)

විදෙස් ගතව සිට මෙරටට පැමිණ සිටින තම බිරිදව තමන් ළඟට ගෙන්වා දෙන ලෙස කරන ලද ඉල්ලීමකට සහාය නොදීමට විරෝධය පළ කරමින් මාදම්පේ නගරය මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවට නැග සිටි පුද්ගලයෙකුව බිමට බස්සවා රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එලෙස රෝහල් ගත කරන ලද්දේ මාදම්පේ – මැල්ලවාගාර ප්‍රදේශයේ පදිංචිව සිටින කරුපයියා බාබු හෙවත් බාබු නැමති 48 හැවිරිදි අයෙක්.

අද (16) දහවල් මොහු මාදම්පේ නගරයේ පිහිටි ඔරලෝසු කණුවට නැග මෙලෙස විරෝධතාවයක නිරත වුණා.

ඔහු එම ඔරලෝසු කණුවේ මුහුණත සවි කර තිබූ වීදුරු කීපයක් ද එහි දී බිඳ බිම දමා ඇති බවයි වාර්තා වුණේ.

ඔරලෝසු කණුවට නැග සිටි මොහු බිමට ගැනීමට මාදම්පේ පොලීසිය දැඩි උත්සාහයක් දැරූ අතර, පසුව ප්‍රදේශවාසීන් කීපදෙනෙකු විසින් ඉනිමගක් ආධාරයෙන් ඔරලෝසු කණුවට නැග ඔහුව බිමට බස්සවා ගැනීමට කටයුතු කළා.

ඔරලෝසු කණුවේ මුහුණතට සවි කර තිබූ වීදුරු බිදීම හේතුවෙන් ඔහුගේ ශරීරයේ ස්ථාන කීපයක් තුවාල වී තිබූ අතර පසුව ඔහුව මාදම්පේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා.

මාදම්පේ නගරයේ දී එක්තරා පුද්ගලයෙකු තමන්ට පහර දුන් බව ඔරලෝසු කණුවට නැග සිටි මෙම පුද්ගලයා ප්‍රකාශක කර ඇති අතර පසුව පහර දුන් බව කියන පුද්ගලයා ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

01 4 1 scaled
05 1 scaled
02 1 scaled
07 1 scaled
03 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
4
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25