මහ බැංකු කර්තව්‍ය පාර්ලිමේන්තුවට (ඡායාරූප)

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය ගැන මහබැංකු අධිපතිවරයාගෙන් දැනුවත් කිරීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ කර්තව්‍ය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමේ විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, පාලක මණ්ඩලයේ හා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, නියෝජ්‍ය අධිපතිවරුන් ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩල නිලධාරීහු පිරිසක් ද මෙම රැස්වීමට එක්ව සිටියා.

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනතේ 80(2) (අ) වගන්තියෙහි විධිවිධාන ප්‍රකාරව, මහ බැංකුවේ අධිපතිවරයා, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයින්, මහ බැංකුවේ සෑම නියෝජ්‍ය අධිපතිවරයෙකු ම පාර්ලිමේන්තුවේ ඉල්ලීම මත, පාර්ලිමේන්තුව විසින් හෝ එහි යම් කමිටුවක් විසින් මහ බැංකුවේ කර්තව්‍ය සම්බන්ධයෙන් සෑම මාස හතරකට ම වරක් විමසීමට ලක් කරනු ලැබිය යුතු බවට වන නීතිමය අවශ්‍යතාව සම්පූර්ණ කරමින් මෙම රැස්වීම පැවැත්වුණා.

පැවති තත්ත්වයට සාපේක්ෂව මෙරට උද්ධමනය 5% අගයක් දක්වා පහතට ගෙන ඒමට හැකි වූ බව ද ප්‍රතිපත්ති පොලී අනුපාතය පහතට ගෙන ඒමට හැකි වූ බව ද ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.

එසේම සංචිත ශක්තිමත් කිරීම හරහා විනිමය අනුපාතය ස්ථාවර කරමින් රුපියල ශක්තිමත් කිරීමට හැකි වූ බව ද ඒ මහතා සඳහන් කළා.

රටේ මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීමට අදාළ කරුණු මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

විශේෂයෙන් ආර්ථික අර්බුදය මධ්‍යයේ වුවද මෙරට බැංකු පද්ධතිය කඩාවැටීම වළක්වා ගැනීමට හැකිවීම සුවිශේෂි කරුණක් බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

ඒ සඳහා නව මහබැංකු පනත මෙන්ම බැංකු පද්ධතිය නියාමනය වෙනුවෙන් හදුන්වා දුන් නව නීති ඉවහල් වූ බව ද ඒ මහතා ප්‍රකාශ කළා.

බැංකු පද්ධතිය හා බැංකු නොවන මුල්‍ය පද්ධතිය මෙන්ම කොටස් වෙළඳපොළ හා රක්ෂණ ක්ෂේත්‍රය ඇතුළු සමස්ථ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා නව මහබැංකු පනත මගින් මුල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවක් පත්කිරීම ඇතුළු මෙරට මූල්‍ය පද්ධතිය ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු පැහැදිලි කිරීම මෙහිදී සිදුවුණා.

වත්මන් මූල්‍ය තත්ත්වය සහ ඊට අදාළ කරුණු පිළිබඳව මන්ත්‍රීවරු ඉදිරිපත් කළ ගැටලුවලට මහබැංකු අධිපතිවරයා විසින් පිළිතුරු ලබාදෙනු ලැබුවා.

මහ බැංකුවේ කාර්යභාරය සහ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳ විනිවිදභාවයෙන් සහ වගවීමෙන් යුතුව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම සහ මෙලෙස සාකච්ඡා කිරීම ඉතා වැදගත් බව මෙම රැස්වීමට සහභාගී වූ මන්ත්‍රීවරු පෙන්වා දුන්නා.

2024 Global Finance’s Central Banker වාර්තා අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයාට ගෞරවනීය පිළිගැනීමක් ලැබීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඔහුට සුබ පැතුම් එක් කළා.

බැංකු පනත මගින් මුල්‍ය පද්ධති අධීක්ෂණ කමිටුවක් පත්කිරීම ඇතුළු මෙරට මූල්‍ය පද්ධතිය
ස්ථාවර කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් තාක්ෂණික කරුණු පැහැදිලි කිරීමක් මෙහි දී සිදු වුණා.

CBSL Meeting 20240903 8 1
CBSL Meeting 20240903 7 2
CBSL Meeting 20240903 9 1
CBSL Meeting 20240903 2 1
CBSL Meeting 20240903 14 2
CBSL Meeting 20240903 11 1
CBSL Meeting 20240903 12 1



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51