මහීෂ් තීක්ෂණ ට විරෝධයක්

මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියේදී, ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කටයුතු කර තිබුණි.

ඒ පිළිබඳව තමිල්නාඩු ප්‍රාන්ත වැසින්ගෙන් හා චෙන්නායි කිංග්ස් ක්‍රීඩාලෝලීන්ගෙන් දැඩි අප්‍රසාදයක් එල්ලවී ඇති බව ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

එම වෙබ් අඩවිය වාර්තා කළේ, මහීෂ් තීක්ෂණ හමුදා නිලධාරියෙක්වීම මෙලෙස එම ප්‍රාන්ත වැසියන්ගේ අප්‍රසාදය පළවීමට හේතුවී ඇති බවය.

15වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගිය සති අන්තයේදී බැංග්ලෝර්හිදී පැවැත්වුණි.

එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පස්දෙනෙකු ඒ ඒ කණ්ඩායම් විසින් මිලදී ගත් අතර ශ්‍රී ලංකාවේ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණව මිලදී ගත්තේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමය.

30 වසරක් පුරාවට පැවති යුද්ධයේදී දමිළ වැසියන්ට සිදුවු තාඩන පීඩන කිසිසේත් අමතක කළ නොහැකි බවත් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී තමිල්නාඩු ධීවරයන්ට හිරිහැර සිදුවන පසුබිමක මහීෂ් තීක්ෂණ මිලදී ගැනීම  අනුමත කළ නොහැකි බවට ක්‍රීඩාලෝලීන් චෝදනා කරන බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත.

නමුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා නොමැත.

2013 වසරේ IPL තරගාවලියේදී ද  එවකට තමිල්නාඩු මහා ඇමතිනි ජයලලිතා ජයරාම් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගී වන තරග වෙනුවෙන් තමිල්නාඩුව සත්කාරකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38