මහා භාණ්ඩාගාරයේ හැකර් සිද්ධියේ තාක්ෂණික කමිටුවේ වර්තාව මෙතෙක් ලැබී නැහැ – CIDය අධිකරණයට දන්වයි

ශ්‍රී ලංකා මහා භාණ්ඩාගාරය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක රජයේ මුදල් වංචනික ලෙස බැහැර කිරීමේ සිද්ධියට අදාළව තාක්ෂණික කමිටුවේ වර්තාව මෙතෙක් ලැබී නොමැති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද (30) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දන්වා සිටියා.

සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී විමර්ශන නිලධාරීන් ඒ බව දැනුම් දුන්නා.

ඒ, අනුව සිද්ධියට අදාළව විමර්ශන ප්‍රගතිය දෙසැම්බර් 16 වන දින අධිකරණයට දන්වන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.

සිද්ධියට අදාළව වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම විමර්ශනයට අදාළව සොයාගනු ලැබූ ටෙරා බයිට් 16ක පරිගණක දත්ත අඩංගු දෘඪතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්ව විද්‍යාලය වෙත යොමු කර ඇති බවයි.

ඒ, අනුව මෙම විමර්ශනයට අදාළව රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පද්ධතියේ පිටපත් කොළඹ විශ්වවිද්‍යාලය ප්‍රධානත්වයෙන් පත්කළ තිබෙන තාක්ෂණික කමිටුවට ලබා දෙන ලෙස ද පෙර නඩු දානයේ දී අධිකරණයෙන් ඉල්ලා තිබුණා.

මහා භාණ්ඩාගාරයට අදාළ ඇමරිකන් ඩෝලර් මිලියන 2.5කට වැඩි මුදලක් අතුරුදන්වීම ගැන පස්දෙනෙකුගෙන් යුත් තාක්ෂණික විමර්ශන කමිටුවක් මුදල් අමාත්‍යාංශය විසින් පත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එකපාරම පදවියට අයිස් වැස්සක් පතිතවෙයි - මෙන්න එහි අපූරු දර්ශන
01:18
Video thumbnail
සංගීත සංදර්ශන සංවිධායකවරුන්ගෙන් සැර කතාවක් - දැන් තියෙන්නේ මියුසික් නෙවෙයි මනිසික්
13:32
Video thumbnail
ටින් අංකය ලබාගෙන නැති හැමෝම ඉක්මනින් ලබාගන්න - වැරදි අයුරින් ගත්තොත් නීතිය දැඩිවෙයි
06:14
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57