මහබාගේ දී උක්කුවාට කොකා ගැස්සූ යුද හමුදා සෙබළා අත්අඩංගුවට

මහබාගේ ප්‍රදේශයේ දී පසුගිය 21 වනදා පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අද (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යුද හමුදාවෙන් පැනගිය සෙබලෙක්.

මේ අතර මෙම වෙඩිතැබිම සදහා යුද හමුදාවේ හිටපු සෙබලුන් දෙදෙනෙකු සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින සෙබලෙකු පැමිණ ඇති බවයි අනාවරණය වුණේ.

මෙහි වෙඩික්කරු ලෙස කටයුතු කර ඇත්තේ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින හමුදා සෙබලාවන අතර, ඔහු චෙංකලඩි කඳවුරේ හතරවන ගැමුණු හේවා බලඇණියේ සේවයේ නියුතු අයෙක්.

වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බලකාය මඟින් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී මඩකලපුව – චෙංකලඩි කඳවුරේ සිට පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔහුව අම්පාර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශය මඟින් අද (24) දහවල් කටයුතු කර තිබෙනවා.

මහබාගේ, ඇලපිටිවල හන්දිය ආසන්නයේ දී පසුගිය 21 වනදා සිදුකළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වුණේ මස් වෙළඳසැලක හිමිකරුවෙක්.

ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ‘වැල්ලේ සාරංග’ගේ ඥාතියෙකුවන ‘උක්කුවා’ නැමැති අයෙක්.

සංවිධානාත්මක අපාරාධකරුවෙකු ලෙස සැලකෙන නිපුන නැමත්තාගේ පිරිසක් විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
5
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !