Fly high Get bonus Aviator Phone

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී පා.ම. ගුණතිලක රාජපක්ෂ හදිසියේ අසනීප වෙයි

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර හදිසියේ රෝගාතුර වූ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ රෝහල් ගතකර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඊයේ (14) දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත් වුණා.

රැස්වීම අවසාන භාගයේ දී මන්ත්‍රීවරයා මෙලෙස හදිසි රෝගී තත්ත්වයකට පත්ව වහාම මහනුවර පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (14) දිනයේ පැවති සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් නොකර මන්ත්‍රීවරයාව පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කිඉර්මට සිදු වූ බවයි මන්ත්‍රීවරයාගේ පුද්ගලික ලේකම් අනුර මඩලුස්ස සඳහන් කළේ.

මේ වන විට ඔහුගේ රෝගී තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින අතර, ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණ කිහිපයකට මුහුණදීමට ඇති බැවින් තවදුරටත් ඔහු එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?