මහනුවර කොට්ඨාශයේ අනාරක්ෂිත තත්ත්වයේ ළමුන් 3450 ක් සිටින බවත් මෙම තත්ත්වයට හේතුව ඇතැම්විට දෙමව්පියන්ගේ අවධානයෙන් දරුවන් බැහැර වීම බවත් ,මෙය ඉතා බරපතළ තත්ත්වයක් බවත් ,මධ්‍යම පලාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ,මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී (15) ප්‍රකාශ කළා.
“‘අපට දැනට වාර්තා වී තිබෙනවා මධ්‍යම පලාත තුල අනාරක්ෂිත ළමුන් 9167 ක් පිළිබඳව, මේ තත්ත්වය භයානකයි ,ළමා අපචාර වලට ලක්වීම, මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම සහ ජංගම දුරකතන වලට ඇබ්බැහි වීම යන හේතුන් මත තමයි ළමුන් අනාරක්ෂිත භාවයට පත්වෙලා තිබෙන්නේ, ළමයි සම්බන්ධව රාජ්‍ය ආයතන වල රාජ්‍ය නිලධාරින් ඉන්නව ළමුන් ගැන සොයන්න, ඒත් මේ ඇතිවී තිබෙන තත්ත්වය බරපතළයි, පොලීසිය යොදවා අපේ කාන්තා නිලධාරිනියන් යොදවා ළමුන් ගැන විශේෂයෙන් සොයාබලා වාර්තා සකස් කරගෙන යනවා, මගේ පාලන බල ප්‍රදේශයට අයත් සෑම පොලීසියකම කාන්තා පොලිස් නිලධාරිනියන් යොදවා ළමුන් පිළිබඳව තොරතුරු සොයා බලනවා.” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
















