Indian Premier League

මහජන ගැටලු කඩිනමින් විසඳීමට රජයෙන් අලුත් පියවරක්

මාධ්‍යයේ පළවන ජනතා ගැටලුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෛනික අවධානය යොමු වන බැවින් එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා මෙන්ම දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ අද(28) ස්ථාපිත කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ‘‘ප්‍රතිචාර” නමැති නව වෙබ් පිටුව (pmd.gov.lk/counter-disinformation-unit) ද ජනගත කිරීම සිදු කළා.මාධ්‍යයේ පළවන ජනතා ගැටලුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෛනික අවධානය යොමු වන අතර, එම පුවත් සත්‍යාපනය කර රජයේ අදාළ බලධාරියා වෙත සෘජුවම යොමු කොට ජනතා ගැටලු කඩිනමින් විසඳීම අද ස්ථාපිත කළ නව ඒකකයේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?