මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා බව බලශක්ති ඇමති කියයි

පවතින විදුලි කප්පාදුවට ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වගකිව යුතු බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායකට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාර්ලිමේන්තුවේ අවශ්‍ය ප්‍රතිපාදන අනුව කටයුතු කරමින් සිටින බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල සිදුවන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණා.

මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කළ ලිපිය සභාපතිවරයා පෞද්ගලිකව යොමු කළ ලිපියක් බවට අනෙක් සාමාජිකයන් දන්වා ඇතැයි ද ඔහු ප්‍රකාශ කරනවා.

ඒ අනුව රජයක් ලෙස සභාපතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

ඔහු එම තනතුරින් ඉවත් කිරීම සඳහා අවශ්‍ය චෝදනා පත්‍රය සකස් කර ඇති අතර ආණ්ඩු පක්ෂයේ සියලුදෙනා ඊට එකඟතාව පළකර ඇති බව කංචන විජේසේකර සඳහන් කළා.

ඒ අනුව ලබන පෙබරවාරි මස 8 වනදා නව පාර්ලිමේන්තුව රැස්වන පළමු සැසිවාරයේදීම මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා.

එමෙන්ම මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සෑම විටම ප්‍රකාශකර ඇත්තේ තමාගේ පෞද්ගලික මතය වන අතර කොමිසමේ මතය නොවන බවට ද බලශක්ති අමාත්‍යවරයා චෝදනා කරනවා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විභාග දෙපාර්තමේන්තුවෙන් මෙන්ම මහජන උපයෝගීතා කොමිසමෙන් ද විදුලි කප්පාදු නොකරන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් වී තිබු බවයි.

විභාගය පැවැත්වෙන සමස්ත කාලය තුල පැය 24ම අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට නොහැකි බැවින් දිවා කාලයේ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල පමණක් විදුලි කප්පාදුව සිදු නොකිරීමට තීරණය කළ බව කංචන විජේසේකර ප්‍රකාශ කළා.

පැය 24 පුරා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සිදු කළ ප්‍රකාශය ද ප්‍රතික්ෂේප කරන බව බලශක්ති අමාත්‍යවරයා අද පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

මහජන උපයෝගීතා කොමිසමේ සියලු සාමාජිකයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන අතර මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාව අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු වාර්තා කරන බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

එම සාකච්ඡාවට සහභාගී වූ මණ්ඩලයේ අතිරේක ලේකම්වරයා තමාට දැනුම් දුන් කරුණු පිළිබඳව ද මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර පැහැදිළි කළා.

මානව හිමිකම් කොමිසමේ පැවති සාකච්ඡාවේදී සිදුවූ කටයුතු නිසා තමන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වූ බවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් දැනුම්දී ඇතැයි ද අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා විසින් ක්‍රියාකරන ආකාරයෙන් මුළු රටම බිත්තියට හේත්තු කර ඇති බවයි අමාත්‍යවරයා මෙහිදී චෝදනා කර සිටියේ.

මේ දක්වා විදුලිබල මණ්ඩලයට ලබා දෙනු ලබන ඉන්ධන සඳහා එම මණ්ඩලය විසින් බිලියන 112ක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

මේ අතර ජනවාරි පළමුවනදා සිට අඛණ්ඩව විදුලි සැපයුමක් ලබාදීමට සැලසුම් කර තිබුණ ද එය කඩාකප්පල් කරනු ලැබුවේ මහජන උපයෝගීතා කොමිසම විසින් බවයි අමාත්‍ය කංචන විජේසේකර චෝදනා කළේ.

කිසිදු රාජ්‍ය ආයතනයකට හෝ පුද්ගලයෙකුට නියෝගයක් ලබාදීමට මානව හිමිකම් කොමිසමට හැකියාවක් නොමැති බව ද ඔහු පෙන්වා දෙනවා.

මාර්තු 9 මැතිවරණය ඉලක්ක කර ගනිමින් විදුලි කප්පාදුවක් පමණක් නොව ඉන්ධන පෝලිමක් නිර්මාණය කිරීමට ද ජනක රත්නායකට අවශ්‍යතාව පවතින බවට සැකයක් මතුවන බවටයි අමාත්‍යවරයා කියාසිටියේ.

මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී හෙලිකොප්ටරයෙන් හෝ දුරකතනය නියෝජනය කරන පක්ෂවල ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් වීමේ සැලසුමක් පවතින බවට ද කංචන විජේසේකර හෙළි කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
NPPය එක්ක ඔයාලට හිතන්නත් බෑ හැරෙන්නත් බෑ..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01
Video thumbnail
"තමුන්නැහේ මහ හොරෙක්" - මහින්ද ජයසිංහගේ වරප්‍රසාද කඩවෙලා l Mahinda Jayasinghe
01:57


?