මව්බිමේ ලබන ජයග්‍රහණ සඳහා ශ්‍රී ලංකාවේ දඟ පන්දුව අතිශය වැදගත් – චරිත් අසලංක (වීඩියෝ)

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරණයේ පෙර පැවති පුරප්පාඩුව මේ වනවිට යම්තාක් දුරකට හෝ භානුක රාජපක්ෂගේ පැමිණීමෙන් පිරවී ඇති බව ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක චරිත් අසලංක පවසනවා.

ඊයේ (17) පැවති අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය ද කඩුලු 09කින් ජය ගැනීමෙන් පසුව පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අසලංක මේ බව සඳහන් කළා.

තමන් සිය මව්බිමේ දී කොදෙව්වන්ට එරෙහිව ටී20 තරගාවලි ජයක් ලැබූ පළමු අවස්ථාව මෙය බවත්; ඒ සඳහා තම කණ්ඩායමේ සියලු ම ක්‍රීඩකයින්ගේ උපරිම දක්ෂතාව හිමි වූ බව ද චරිත් අසලංක පැවසුවා.

එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට දඟ පන්දු බලඇණිය විශාල පිටුවහලක් වූ බවත්; ඊට හේතුව මෙරට ක්‍රිකට් තරග ජයගැනීම සඳහා දඟ පන්දුවෙන් ලබාගත හැකි ප්‍රයෝජන අතිමහත් බව ද චරිත් අසලංක වැඩිදුරටත් කියා සිටියා.

ඊයේ දිනයේ දී කුසල් මෙන්ඩිස්ගේ ප්‍රවේගකාරී පිතිහරඹය ද නායක අසලංකගේ ප්‍රශංසාවට මෙහිදී ලක් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06