දිවුලපිටිය ප්රාදේශීය සභාවේ සභාපති නීතිඥ ජනක විකුම්තිලක විසින් තමන්ට බැන තර්ජනය කළ බවට එම ප්රාදේශීය සභාවේ මන්ත්රී සංජීව ධම්මික චෝදනා කර සිටියා.
මන්ත්රීවරයා පැවසුවේ අද (11) දින මහා සභාව රැස්වූ අවස්ථාවේ දී මෙම බැන තර්ජනය කිරීම් සිදුකළ බවයි.
කෙසේ වෙතත් එල්ලවන මෙම චෝදනාව සම්බන්ධයෙන් සභාපති ජනක විකුම්තිලකගෙන් ‘දසත නිවුස්’ විමසීමක් කළා.
එහිදී සභාපතිවරයා සඳහන් කළේ එවැනි බැන තර්ජනය කිරීමක් කිසිම අවස්ථාවක සිදුනොකළ බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ සංජීව ධම්මික මන්ත්රීවරයා විසින් බොහෝ අවස්ථාවන්වල දී මහා සභාවට යෝජනා ඉදිරිපත් කරන බවයි.
මන්ත්රීවරයා එලෙස ඉදිරිපත් කරන ලබන යෝජනා කිසිවක් මහා සභාවට ලබාගත හැකි මට්ටමේ යෝජනා නොවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
ඒ සම්බන්ධයෙන් සංජීව ධම්මික මන්ත්රීවරයාට පැහැදිලි කිරීමට තමා ගිය අවස්ථාවේ මන්ත්රීවරයා ආවේගශීලිව හැසිරුණු බවයි සභාපතිවරයා පැවසුවේ.
කිසිමා අවස්ථාවක තමන් අදාළ මන්ත්රීවරයාට බැන තර්ජනය කිරීමක් එම අවස්ථාවේ සිදු නොකළ බව සභාපතිවරයා අවධාරණය කළා.
