මෙවර යල කන්නයේ දී කිසිසේත්ම රුපියල් 120, රුපියල් 130 සහ රුපියල් 140ට ඉහළින් වී මිලදී ගැනීම සිදු නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි. ලාල්කාන්ත පවසනවා.
අද (14) මහනුවර දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
රජය විසින් මෙම මිල තීරණය කරනු ලැබුවේ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව බවත්, එක් එක් පාර්ශවයන්ට අවශ්‍ය කරන පරිදි මිල තීරණය කිරීමේ ක්‍රමයක් ජාතික වශයෙන් රජයකට තීරණය කළ නාකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
”කිසිසේත්ම මේ යල කන්නයේ වී වලට රුපියල් 120, රුපියල් 130, රුපියල් 140ට වඩා වැඩි කරන්නේ නැහැ, බොරුවට සද්ද කළාට වැඩක් නැහැ. මොකද ඒවා විද්‍යාත්මක ක්‍රමයකට ගණනය කරලා තමයි මිල තීරණය කරලා තියෙන්නේ” යැයි අමත්යරය එහ්දී වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම මේ වන විට රජයෙන් ණය ලබනසුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සහ ප්‍රධාන මෝල් හිමියන්ද, රජයේ මිල වන රුපියල් 120ට ප්‍රමිතිගත වී මිලදී ගැනීමට එකඟ වී ඇති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.













