බොක්සිංවලින් රන් – රිදී හා ලෝකඩ දිනූ ලාංකික ක්‍රීඩකයෝ දිවයිනට (ඡායාරූප)

සීෂෙල්ස් රාජ්‍යයේ පැවැත්වූ ආරාධිත බොක්සි තරගාවලියේ දී රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිසක් මෙරටට පැමිණියා.

අද (26) අලුයම 03.50 ට සීෂෙල්ස් සිට එම රටට අයත් ගුවන් සේවයේ එච්.එම්.- 262 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඔවුන් පැමිණි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෙම තරගාවලිය පැවැත්වූයේ සීෂෙල්ස් රාජ්‍යයේ ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව‍යි.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට අමතරව සීෂෙල්ස්, මුරිසිය, රී – යුනියන් සහ කෙන්යාව යන රටවල් නියෝජනය කරමින් බොක්සිං ක්‍රීඩකයින් සහභාගී වී සිටියා.

ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායමට පාසැල් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලංකා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව්දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් පිළිගැනීමට එම පාසැල්වල සිසුන් ගුරු භවතුන්, ශ්‍රී ලංකා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් මෙන් ම ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණි බවත් වාර්තා වනවා.

IMG 20240626 WA0004
IMG 20240626 WA0003
IMG 20240626 WA0005


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17