බී ලව් කැන්ඩි 2023 LPL ශූරතාව දිනාගනී

2023 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට බී ලව් කැන්ඩි කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ, කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 05කින් පරාජය කරමින්.

අද පැවති අවසන් මහා තරගයට බී ලව් කැන්ඩි කණ්ඩායම සිය නිත්‍ය නායක මෙන්ම මෙවර තරගාවලියේ විශිෂ්ඨතම ක්‍රීඩකයාවන වනිඳු හසරංග නොමැතිව ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්.

මෙම තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල ක්‍රීඩකයින් නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 04ක් පමණක් දැවී ලකුණු 147ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

එහිදී දඹුල්ල ඉනිම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් රැස්කළ අතර, සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස් කිරීමට සමත් වුණා.

මැදපෙළ පිතිකරුවන් වන කුසල් පෙරේරා වේගවත් ලකුණු 31ක් සහ ධනංජය ද සිල්වා ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා සිය පන්දුවාර 04 තුළ ලකුණු 25කට කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව පිළිතුරු ඉනිම ඇරඹු කැන්ඩි ක්‍රීඩකයින් ලකුණු 148ක ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 19යි පන්දු 05ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී පසුකර යාමට සමත් වුණා.

ජයග්‍රාහී කැන්ඩි ඉනිම වෙනුවෙන් ආරම්භ පිතිකරුවෙකු ලෙස උසස්වීමක් ලබා ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් පන්දු 37ක් තුළ රැස් කළා.

ඊට අමතරව ආරම්භක පිතිකරු මොහොමඩ් හරිස් ලකුණු 26ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 24ක් රැස්කළා.

ඇන්ජලෝ මැතිවුස් නොදැවී ලකුණු 25ක් රැස් කරමින් කැන්ඩි පිළ සුරැකිව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කඩුලු දවා ගැනීමේ දී දඟ පන්දු යවන ක්‍රීඩක නූර් අහමඩ් කඩුලු 04ක් සිය පන්දුවාර 04 තුළ ලකුණු 27ක් පමණක් ලබාදෙමින් බිඳ දැමුවා.

ඒ, අනුව 2023 එල්.පී.එල් තරගාවලියේ ශූරතාව සිය දෝතට ගැනීමට බී ලව් කැන්ඩි කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
1
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38