බස් ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන අගහරුවාදා දිනයේදී ප්‍රවාහන අමාත්‍යාංශයට භාර දීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසනවා.බස් හිමියන් සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර පසුගිය සතියේදී පැවති සාකච්ඡාවේදී තීරණය වූයේ ලබන බදාදා වනවිට අදාළ ගාස්තු ප්‍රකාශයට පත් කිරීමටයි.
ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව අවම බස් ගාස්තුව රුපියල් 20 – 25 ත් අතර අගයකට සංශෝධනය විය යුතු බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පසුගියදා සඳහන් කලා.
මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේ බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමට රජය පියවර ගත යුතු බවයි.