බදු සංශෝධනය ගැන සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

දේශීය මත්පැන් නිෂ්පාදකයින් මාසයක පළමු දින පහළොව (15) තුළ සිදු කරනු ලබන මත්පැන් නිෂ්පාදනය සඳහා එම මාසයේ අවසන් දිනට පෙරද, ඉතිරි දින පහළොව (15) තුළ නිෂ්පාදනය කරනු ලබන මත්පැන් සඳහා ඊළඟ මාසයේ 15 දිනට පෙරද සුරාබදු බදු ගෙවිය යුතු වන පරිදි නව සුරාබදු බදු සංශෝධනයක් සිදුකර තිබෙනවා.

එසේ නියමිත දිනට බදු නොගෙවන්නේ නම් එම බදු මුදල මත මාසයකට 03% ක අධිහාරයක් අය කරනු ලබනවා.

උක්ත රීති ඇතුළත්ව තිබූ සුරාබදු නිවේදන අංක 962 සංශෝධනය කරමින් නව සුරාබදු නිවේදනයක් (අංක 02/2025) ඊයේ (27) දින මුදල් අමාත්‍යවරයා විසින් නිකුත්කර ඇති අතර එම නව රිනි අද (28) දින සිට බලපැවැත්වෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ සඳහන් වනවා.

සුරා බදු නිවේදන අංක 02/2025 මඟින් හඳුන්වා දී ඇති නව රීති මඟින් නියමිත දින 15 තුළ බදු නොගෙවන්නේ නම් මාසයකට 03% ක ගාස්තුවකට යටත් වන අතර බදු ගෙවිය යුතු නියමිත දින සිට දින තිහක් (30) ඉක්ම වු පසු නියමිත සුරාබද්ද හා 03% ක ගාස්තුව සම්පූර්ණයෙන්ම ගෙවීමට අපොහොසත් වන බලපත්‍රධාරියෙක්ගේ බෝතල් ගත කිරීමේ බලපත්‍රය ( බී. 01) අත්හිටුවීමට කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

එම අත්හිටු වීම තුළින් තවදුරටත් හිඟ බදු එකතු වීම පාලනය කිරීම අපේක්ෂිතයි.

සුරාබද්ද ගෙවිය යුතු නියමිත දින සිට දින අනුවක් (90) ඉක්මවු පසු තවදුරටත් නියමිත සුරා බද්ද හා 03% ගාස්තුව නොගෙවන්නේ නම් බලපත්‍රලාභියාගේ සියලුම බලපත්‍ර අත්හිටු වීමට කටයුතු කරනු ලබනවා.

එතෙක් නිෂ්පාදනය කර ඇති මත්පැන් වෙළඳ පොළට මුදා හැරීම සඳහා මෙම දින 90 ක සහන කාලයක් ලබා දී ඇති බවයි වාර්තාවන්නේ.

මෙතෙක් ක්‍රියාත්මක වූ සුරාබදු නිවේදන අංක 962 මඟින් බදු ගෙවිය යුතු සහන කාලය මාස හයක් දක්වා දීර්ඝව තිබූ අතර එමඟින් සැලකිය යුතු බදු ආදායමක් රජයට අය කර ගැනීම ප්‍රමාද විය. එම තත්ත්වය වැලැක්වීම සඳහාත්, බදු ගෙවනු ලබන බලපත්‍රධාරීන් දිරිමත් කිරීම සඳහාත්, මෙම චක්‍ර බද්ද මහජනතාව මත්පැන් මිලදී ගන්නා අවස්ථාවේදීම ගෙවනු ලබන බැවිනුත්, එකී බදු නිසි වේලාවට රජයට අයකර ගැනීම අරමුණු කරගෙන නව නීතිමය සංශෝධනය හඳුන්වා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ගේ ජීවිත නැතිවුණේ නිසි නායකත්වයක් නොතිබුණු නිසා
05:10
Video thumbnail
නියම සිංහල නායකයෙක් මේකේ පාලකයා වෙන්න ඕනි - එක මිටට දීලා හොඳටම කරගෙන තියෙන්නේ
07:46
Video thumbnail
"හාමුදුරුවරු නැගිට්ටොත් උඹලට යන්න තැන් නැතිවෙයි" - දේශපාලකයන්ට කට උත්තර නැති කළ සද්ධාතිස්ස හිමි
14:35
Video thumbnail
ගොවියා ඇවිත් ජනපති මන්දිරය වටකරන දවස වැඩි ඈතක නෑ - ගොවියා තමයි ඔයාලව විනාශ කරන්නේ
08:06
Video thumbnail
සජබ මන්ත්‍රීවරයෙක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට - නිවසේ සිටියදී කොටුවෙලා
00:45
Video thumbnail
සැරයන් උපාලි කඹුරුපිටියම හඩවා නික්ම ගිය මොහොත - "අනේ අම්මේ නැගිටින්න කියන්නකෝ"
02:38
Video thumbnail
ජල ව්‍යාපෘතිය විවෘත කරන්න ආවේ රෙදි ඇඳගෙනද ?මෙයාලටත් ගෝඨාභයට වෙච්ච දේ වෙන්නේ
11:07
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ආශිර්වාද ලැබුණු මොහොත - හිනාවක් දාගෙන ලොකු කතාවක්
01:18
Video thumbnail
කත්නෝරුවේ හිමිගෙන් නාමල්ට ලැබුණු ආශිර්වාදය
00:59
Video thumbnail
අපේ රටට එල්නිනෝ එකක් එන්නේ නෑ ? - ඔක්කොම කුණු බෙංගාල බොක්කට කියලා එල්නිනෝ එකට දාන්න බෑ
08:26