බදුල්ල හැඩ කරන රොබරෝසියා මල් (ඡායාරූප)

සෑම වර්ෂයකම මැයි මාසය ආරම්භ වීමත් සමග බදුල්ල නගරයට ස්භාවධර්මයාගේ ආශිර්වාදයෙන්‍ සිත් සතන් පුබුදුවාලීමට රෝබරෝසියා ගස්වල මල් පිපී අවට පරිසරය පුරාදැකුම් කළු චිත්‍රයක් මවා තිබෙනවා.

සෑම වසරකම බදුල්ල නගරය රොබරෝසියා මලින් අලංකාර වුණත් මෙවර ගස් සිය ගණනක වෙනදාටත් වඩා මල් හටගෙන ප්‍රදේශයම රෝස වර්ණයෙන් තිබෙනු දැකිය හැකියි.

බදුල්ල නගරයේ වීදි පුරා සහ හා මුතියංගන පුදබිම, මහ රෝහල් පරිශ්‍රය, පත්තිනි දේවාලයේ සහ සියලුම පුදබිම්වල ඇති ගස් වල මේ මල් පිපී තිබෙනු දක්නට ලැබෙනවා.

නගරය පුරා ඇති මල් ගස්වල පත්‍ර සියල්ල අප්‍රේල් මාසයේදි හැලී ගොස් මාසය අගදි මල් පමණක් ගස පුරා දැක ගැනීමට හැකියි.

දින කිහිපයකින් පරවී බිමට වැටෙන මල් පෙති නිසා පොළවත් රෝස පාටින් වර්ණවත්වී තිබෙන ආකාරය දැකගැනීමට හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
5
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?