බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් සිද්ධියේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

චැටෝග්‍රෑම්හිදී බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදනෙකුගේ මෙලෙස වැඩ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ.

පොලිස් නිලධාරීන් විසින් නයීම් හසන්ට හේතුවන් නොමැතිව පහරදීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් ද පිහිටුවා ඇති බවයි බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර චැටෝග්‍රෑම් මෙට්‍රොපොලිටන් පොලිස් කොමසාරිස්වරයා ඊයේ (13) දිනයේ නයීම්ගේ නිවසට ගොස් ඔහුගේ සුවදුක් විමසා ඇති අතර, එහිදී ඔහු පවසා ඇත්තේ සිද්ධියට සම්බන්ධ නිලධරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

තරගයකට සහභාගි වී ත්‍රීරෝද රථයකින් සිය නිවස බලා යමින් සිටි නයීම්ට, පෙරේදා (12) රාත්‍රියේ පොලිස් නිලධාරීන් පිරිසක් කිසිදු හේතුවක් නොමැතිව ඔහුට පහර දී බලහත්කාරයෙන් පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ.

නයීම් හසන්ට මුහුණදීමට සිදු වූ මෙම අමානුෂික සිදුවීම පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් සිය අප්‍රසාදය හා විරෝධය පළකර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25