පෝලන්ත ව්‍යවස්ථා අධිකරණයේ බල අරගලය ජනපති-අගමැති බල අරගලය බවට පත්වේ

පෝලන්ත ව්‍යවස්ථා අධිකරණයේ (Constitutional Tribunal – TK) පාලනය අත්පත් කර ගැනීමට උත්සාහ දරන විනිසුරුවන් පිරිසක් හේතුවෙන් හටගෙන තිබෙන බල අරගලය, ජනපති-අගමැති බල අරගලය බවට දැන් පත්වී තිබෙනවා.

පෝලන්තයේ ඉහළම අධිකරණය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිශ්චය සභාවේ සභාපති බොග්ඩන් ස්වීක්ස්කොව්ස්කි සහ උප සභාපති බාර්ට්ලෝමිජ් සොසාන්ස්කි යන දෙදෙනාගේම තනතුරු අධිකරණයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද දැන්වීමකින් අත්හිටුවත් සමග රට තුළ මහත් අවුල් සහගත තත්ත්වයක් උදාවී තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ විනිසුරු ඇනා කෝර්වින්-පියොට්‍රොව්ස්කා මෙම නිවේදනය නිකුත් කළ අතර අධිකරණ ප්‍රධානියාගේ වගකීම භාර ගනිමින් කියා සිටියේ නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෙම ක්‍රියාමාර්ගය අවශ්‍ය බවයි.

මෙම ගැටුම හටගෙන ඇත්තේ TK (ව්‍යවස්ථා අධිකරණය) සම්බන්ධයෙන් වසර ගණනාවක් තිස්සේ පවතින අර්බුදයක් හේතුවෙනි.

ඊට හේතුව වන්නේ, එහි විනිසුරුවන් තිදෙනෙකු පෙර පැවති ජාතික-කොන්සර්වේටිව්වාදී ‘නීතිය සහ යුක්තිය’ (Law and Justice – PiS) පක්ෂ රජය යටතේ නීතිවිරෝධී ලෙස පත් කර තිබීමයි. එම රජය විසින් මෙම අධිකරණය දේශපාලන පාලනයට නතු කර ගත් බවට පුළුල් මතයක් පැවතුණි. එසේම, මෙම අධිකරණයේ ප්‍රධාන විනිසුරු බොග්ඩන් ශ්වියෙච්කොව්ස්කි (Bogdan Świeczkowski) ද නීත්‍යානුකූල නොවන අයෙකු ලෙස වත්මන් රජය සලකනවා.

ටස්ක් (Tusk) ගේ නායකත්වයෙන් යුත්, වාමාංශයේ සිට මධ්‍ය-දක්ෂිණාංශය දක්වා විහිදෙන දේශපාලන සන්ධානයකින් සමන්විත වත්මන් රජය 2023 වසරේ බලයට පත්වූ දා සිට, මෙම අධිකරණයේ නීත්‍යානුකූලභාවය පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ හේතුවෙන්, ටස්ක්ගේ රජය විසින් TK අධිකරණයේ තීන්දු නොසලකා හැර ඇති අතර, සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත එම අධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා නව විනිසුරුවන් නම් කිරීම පවා මෙම වසර වන තෙක් ප්‍රතික්ෂේප කර තිබුණා.

පසුගිය මාර්තුවේදී පාර්ලිමේන්තුව හරහා නව පවතින රජය විනිසුරුවරුන් තෝරා පත් කර ගත්තා . මෙය පාර්ලිමේන්තුව විසින් සහාය දක්වන ලද විනිසුරුවරුන් සංඛ්‍යාවට විනිශ්චය සභාවේ න්‍යායාත්මක බහුතරයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, පෝලන්ත නීතිය යටතේ, නව ටීකේ විනිසුරුවන් පාර්ලිමේන්තුව විසින් තෝරා ගනු ලැබුවද, ඔවුන් “ජනාධිපතිවරයා ඉදිරියේ” දිවුරුම් දිය යුතුය. PiS සමඟ පෙලගැසී සිටින නව්රොකි, කොර්වින්-පියොට්‍රොව්ස්කා, මාර්කිවිච් සහ බෙරෙක් ඇතුළු නව විනිසුරුවන් අට දෙනාගෙන් පස් දෙනෙකු දිවුරුම් දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම විනිසුරුවන් පස් දෙනා පාර්ලිමේන්තුවේ තමන්ගේම දිවුරුම් දීමේ උත්සව සංවිධානය කර ජනාධිපති කාර්යාලයට දිවුරුම් දුන්නා. කෙසේ වෙතත්, හිටපු PiS රජයේ සේවය කළ Święczkowski, එම විනිසුරුවන් පස් දෙනා අධිකරණයට පිළිගැනීම ප්‍රතික්ෂේප කළා.

අධිකරණය දේශපාලන පාලනයෙන් නිදහස් කර එහි ස්වාධීන නීතිමය ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිශ්චය සභාවේ සභාපති සහ උප සභාපතිවරයා අත්හිටුවීම නිවේදනය කළේ මෙම නව විනිසුරු කණ්ඩායමයි. මෙය රට තුළ කුමන්ත්‍රණයකට තුඩු දී තිබෙනවා.

ඒ අතර, පෝලන්ත ව්‍යවස්ථා අධිකරණයේ (Constitutional Tribunal – TK) පාලනය අත්පත් කර ගැනීමට උත්සාහ දරන විනිසුරුවන් පිරිසක් සමඟ ජනාධිපති කරෝල් නව්රොකි (Karol Nawrocki) ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා. මෙම අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති නව්රොකි මධ්‍යමවාදී රජයේ සහ ජාතිකවාදී විපක්ෂයේ දේශපාලන නායකයින් සමඟ සෙනසුරාදා පස්වරුවේ සාකච්ඡා වටයක් පැවැත්වුවා. අගමැති ඩොනල්ඩ් ටස්ක්ගේ (Donald Tusk)ගේ රජය ව්‍යවස්ථාදායක අධිකරණයේ ප්‍රධාන විනිසුරු බොග්ඩන් ස්වියෙෂ්කොව්ස්කි (Bogdan Swieczkowski) හදිසියේම තනතුරෙන් අත්හිටුවීම හේතුවෙන් “පෝලන්තයේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජනයක්” එල්ල වී ඇති බවට ඔහු චෝදනා කරනවා.

එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය “විනාශ” කිරීමේ අරමණුනින් එම සාකච්ඡාව පැවැති බවට අගමැති ටස්ක් ප්‍රකාශ කරනවා.

ඒ අතර, ජනාධිපති සහායක මාර්සින් ප්‍රිඩාෂ් (Marcin Przydacz) , කොර්වින්-පියොට්‍රොව්ස්කා සහ තවත් විනිසුරුවරයෙකු වන ක්‍රිස්ටියන් මාර්කියෙවිච් (Krystian Markiewicz) යන දෙදෙනා “රාජ්‍ය නායකයාගේ අභල්ලංඝනීයභාවය (inviolability) උල්ලංඝනය කර ඇති” බවට චෝදනා කරනවා.

එහෙත් රජයට හිතවත් විනිසුරුවරයෙකුවන බෙරෙක් මෙය ප්‍රතික්ෂේප කළ අතර “විනිසුරු කොර්වින්-පියොට්‍රොව්ස්කා වෙත ජනාධිපතිවරයා සැරපරුෂ වචනවලින් ආමන්ත්‍රණය කළ බව පවසනවා.

පෝලන්තයේ ව්‍යවස්ථාදායක අධිකරණය (Constitutional Court) දේශපාලනීකරණය වීම සම්බන්ධයෙන් පවතින මතභේදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර, කිසිදු පාර්ශ්වයක් තම ස්ථාවරයෙන් පසුබසින බවක් නොපෙනනවා.

ඒ අතර, රට තුළ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයේ කේන්ද්‍රස්ථානය වී ඇති නව විනිසුරුවන් පත් කිරීමේ යෝජනාව පිළිගන්නා ලෙස, යුරෝපා කොමිසම නව්රොකිගෙන් ඉල්ලා සිටි බව AFP පුවත් සේවය වාර්තා කරනවා.

පෝලන්තයේ එක්සත් ජනපද තානාපති ටොම් රෝස් (Tom Rose), සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

“පෝලන්තයට මේ මොහොතේ කිසිසේත්ම අවශ්‍ය නොවන්නේ, තත්ත්වය වඩාත් නරක අතට හැරෙන ගැටුමක් ඇති වීමයි,” යනුවෙන් රෝස් සිය X ගිණුමේ සටහනක් තබා තිබුණා.