පූජ්‍ය කස්සප හිමියන් විසින් රුවන් වැලි සෑය අභියස පවත්වනු ලබන සත්‍යග්‍රහයට එරෙහිව අනුරාධපුර උසාවියෙන් ලබා දුන් නොතිසිය පොලිසිය විසින් භාරදීම අද දින සිදුවුණා.
අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස සත්‍යග්‍රහයේ නියත වී සිටින කස්සප හිමියන්ට අද සවස දෙකහමාරට පමණ අනුරාධපුර පොලිසිය විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් උසාවි නියෝගය භාරදීමට පැමිණියා.
එහිදී පොලීසිය විසින් අධිකරණ නියෝගය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර, උසාවියෙන් ලබා දුන් නියෝගය උන්වහන්සේට භාර දුන්නා.
එම අවස්ථාවේ කරුණු දැක්වු කස්සප හිමියන්, ජයශ්‍රී මහා බෝධිය සංඝ්යාවහන්සේලාට තහනම් වෙලා තියෙනවා, රුවන්වැලි සෑය තහනම් වෙලා තියෙනවා, මේ සියල්ල පොලීසිය විසින් අසත්‍ය කරුණු වාර්තා කිරීම හේතුවෙන් අධිකරණය විසින් නියෝග ලබාදී තිබෙන බවටත් උන් වහන්සේ චෝදනා කරනවා.
මේ සියල්ල සිදුවන්නේ නරේන්ද්‍ර මෝදිගේ අවශ්‍යතා මත බවත්, අනුරාධපුරය සර්ව ආගමික මධ්‍යස්ථානයක් කිරීම ඔහුගේ අරමුණ බවත්, මේ වෙනකොට ත්‍රිකුණාමලේ වරාය ඉන්දියාවට දීලා තිබෙන බවටත් උන් වහන්සේ පෙන්වා දෙනවා.
ඒ වගේම ත්‍රිකුණාමලේ අක්කර 7000කින් වරාය නගරයක් ඔවුන් ඉදිකරන බවටත්, සම්පූර්වලින් අහිංසක මිනිස්සු එළවලා අක්කර 8000ක් සෝලාර් පැනල් ව්‍යාපෘතියට ඉන්දියාවට ලබාදී තිබෙන බවටත්, මඩකලපුවේ දිවුලපතන ඇතුළු ඉඩම් රාශියක් ද ලබාදී තිබෙන බවටත් උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.
ඒ වගේම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ලබාදෙන්න යන බවටත්, එහෙම වුනොත් රට වටේ මුහුද තිබෙන එහෙත් වරායක් අහිමි එකම රට බවට ශ්‍රී ලංකාව පත්වෙනවා යැයිද උන්වහන්සේ චෝදනා කරනවා.
