spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොලිසිය වෙඩි තැබූ ත්‍රී රෝද රථයේ රියදුරා දුම්රියට පැන දිවි නසා ගනී

පෝද්දල ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කිරීමේදී පොලිසිය වෙඩි තැබූ ත්‍රී රෝද රථය පැදවූ පුද්ගලයා දුම්රියට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ගාල්ල සිර මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකට පියදිගම දේවාලය ආසන්නයේදී පැන මෙම පුද්ගලයා දිවි නසාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔහු වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙක්. පසුගියදා පොලිසිය පෝද්දල ප්‍රදේශයේ මාර්ග බාධකයක් අසලදී මෙම පුද්ගලයා ද ගමන් කළ ත්‍රී රෝද රථයක් නතර කර පරීක්ෂා කර තිබුණා.

එම අවස්ථාවේ ත්‍රී රෝද රථයේ සිටි එක් පුද්ගලයෙකු පොලිසියෙන් මිදී පළාගොස් තිබූ අතර පසුව ත්‍රී රෝද රථයේ සිටි අනෙක් සැකකරු එම රථයෙන්ම පළා යාමටයි උත්සාහ කර තිබුණේ.

පසුව පොලිසිය ඊට වෙඩි තබනු ලැබුවා.

එහිදී ත්‍රී රෝද රථය අනතුරට ලක්වීමත් සමග එහි සිටි පුද්ගලයා රථය අතහැර පළාගොස් තිබෙනවා.

අද දුම්රියට පැන සිය දිවි හානිකරගෙන ඇත්තේ එම පුද්ගලයා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
2
+1
6
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියේ තවත් කෙරුවාවක් එළියට - "මෙහෙම කරන්න එපා බීලා ඇවිල්ලා""මොකක්ද මේ තුප්පහි වැඩේ"
03:40
Video thumbnail
රුපියල් දහයෙන් ටොපියක් ගන්න පුලුවන්ද ?
04:49
Video thumbnail
චන්න ජයසුමනගෙන් අගමැතිට අභියෝගයක් - "පුළුවන්නම ඊයේ කළ ප්‍රකාශය එළියට ඇවිල්ලා කියන්න"
02:28
Video thumbnail
සජිත් පහේ පන්තියේ ළමයි ගාවට ගිහින් මා ආදරණිය මිත්‍රවරුනි කියනවා...#1million #viralvideo
00:37
Video thumbnail
රනිල්ගේ රංගනයන් සියල්ල එකදිගට කියන නාමල්
04:59
Video thumbnail
වාරි මාර්ගයට බැරි වැඩේ සංචාරකයෝ කරයි...
02:33
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යයට කරපු තර්ජනය ගැන ෆොන්සේකා සහ මිහින්තලේ හිමිගේ ප්‍රතිචාර
02:46
Video thumbnail
පාසල් පුස්තකාල වලටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තව දෙන්න යන සජිත්...#sajithpremadasa
02:23
Video thumbnail
රටේ පුරවැසියන්ට ජනාධිපතිගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාව... #ranilwickremesinghe
03:21
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52

?