පොලිසිය, මූණට ඇ+සිඩ් විසිකළා කියලා කෑගසන සිදුවීම ගැන ස්ථානාධිපති හඬ අවදි කරයි – Exclusive

අද දහවල් අගලවත්ත පොලිසිය වැටලීමක් සිදුකිරීමට යන අවස්ථාවකදී ඇතිවූ සිදුවීමක් ගැන අප වාර්තා කළා.
එහි සඳහන්ව තිබුණේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ බවට පවසන පුවතක්.
මේ සම්බන්ධයෙන් අප අගලවත්ත ස්ථානාධිපතිවරයාගෙන් විමසීමක් කළා.
එහිදී ඔහු පැවසුවේ මෙවැන්නක්.

“අපි වැටලීම් රාජකාරියකට ගියා.. මෙම ස්ථානයේ ගංජා විකුණනවා කියලා අපට පැමිණිලි ඇවිත් තිබුණා.
ඒ තොරතුර මත අපි පොලිස් කණ්ඩායමක් සමග අදාල ස්ථානය සහ එම ස්ථානයේ සිටි පුද්ගලයන්ව පරීක්ෂා කළා.
ඒ පරීක්ෂා කිරීම සිදුකරලා අපි එන්න හදද්දි එක පාරම කෑගැහුවා පොලිසියෙන් ගැහුවා කියලා.
ඇසිඩ් ගැහුවා කියලයි ඔවුන් කෑගැහුවේ.
මේ කාටවත් තුවාලයක්වත් තිබුණේ නෑ.. ඔවුන් මේ වෙද්දි රෝහල්ගත වෙලා තියෙනවා.
වීඩියෝ එකේ කෑගහන්නේ ඇසිඩ් ගැහුවා කියලා.
එහෙම කිසිම සිදුවීමක් නෑ.. එතන හිටපු අයම කියලා තියෙනවා ගංජා විකුණනවා අල්ලන්න කියලා.
මීට කළිනුත් තුන් හතර පාරක් මේ පුද්ගලයාව අල්ලලා තියෙනවා.
මේ පුද්ගලයා ගංජා ජාවාරමේ නිරත වෙන පුද්ගලයෙක්. මීට කළිනුත් ගංජා විකුණලා නඩු තියෙනවා. වරදත් ඔහු පිළිඅරන් තියෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54