පෙරදිග ධාන්‍යාගාරයට චීනයෙන් සහල් තොගයක් ළඟදීම

පෙරදිග ධාන්‍යාගාරය ලෙස හැදින් වු ශ්‍රි ලංකාව මේවන විට ලොව වටෙන්ම සහල් ලබා ගැනිමට සිදුව තිබෙනවා. මේවන විට චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ සහල් තොගයක් ලබන 25 වනදා මෙරටට ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රෙන්මින්බි මිලියන 500ක වටිනාකමින් යුත් සහල් තොගයක පළමු කොටස සහිත නෞකාව කොළඹ වරායට ළඟාවීමට නියමිත බවයි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

මෙලෙස චීනයෙන් ලබාදෙන සහල් තොගය කාණ්ඩ 6ක් යටතේ මෙරටට හිමි වන අතර පාසල් ආහාර වැඩසටහන යටතේ සහල් මෙට්‍රික්ටොන් 10,000ක් අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට කටයුතු කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?