පිඹුරෙකු සමඟ නැටූ අවුරුදු කුමාරියට අධිකරණයෙන් 50,000ක දඩයක්

අවුරුදු කුමාරි තරගයක දී ආරක්ෂිත වන සත්වයෙකු වන පිඹුරෙකු සමඟ නර්තනය කිරීම සම්බන්ධයෙන් තරුණියකට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය රුපියල් 50,000ක දඩයක් නියම කර තිබෙනවා.

සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයට ලක් වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොළඹ දිස්ත්‍රික් වනජීවී කාර්යාලය විමර්ශන සිදුකර ඇති අතර, පිඹුරා මුදලට ලබාදුන් පුද්ගලයා සහ තරුණිය, වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉකුත් ජූලි 22 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී දෙදෙනාම වරද පිළිගෙන ඇති අතර, ආරක්ෂිත වන සත්වයෙකු රඳවා තබාගෙන නර්තනය සඳහා යොදා ගැනීමේ වරදට තරුණියට රුපියල් 50,000ක දඩයක් නියම කෙරුණා.

එමෙන්ම, පිඹුරා මුදලට අලෙවි කිරීම සහ නීතිවිරෝධී ලෙස රඳවා තබා ගැනීමේ චෝදනාවට අනෙක් සැකකරුට රුපියල් 100,000ක දඩයක් නියම කර තිබෙනවා.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොළඹ දිසා වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී එම්.පී.සංජීව අධිකරණයට කරුණු දැක්වූවා

ඔහු අවධාරණය කළේ ආරක්ෂිත වන සතුන් රඳවා තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, ප්‍රදර්ශනය කිරීම හෝ අලෙවි කිරීම නීතියෙන් තහනම් වන අතර, එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගත යුතු බවයි.

එහිදී සැකකරුවන් දෙදෙනාම වරද පිළිගත් අතර එහිදී අධිකරණය දඩ නියම කළා.

නර්තනයේ යෙදුනු තරුණිය දඩ මුදල එදින ගෙවීමට කටයුතු කළත්, පිඹුරා අලෙවි කළ පුද්ගලයාට දඩය ගෙවීමට නොහැකි වු නිසා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

පසුව, දින දෙකකට පසු ඔහු දඩය ගෙවා නිදහස් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51