පැසිෆික් දුපත් හා නවසීලන්තයට සුනාමි අවදානමක්

නවසීලන්තයේ උතුරු වෙරළ දුපත ආසන්නයේ රිච්ටර් මාපකයේ ඒකක 7.3 ක ප්‍රබල භුමිකම්පාවක් ඇතිව තිබෙනවා. ඒ අනුව නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ පිහිටි දුපත් කිහිපයක් සඳහා මේ වන විට පුර්ව සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබෙනවා.

උතුරු වෙරළ දුපතේ වෙරළාසන්න පදිංචි පුද්ගලයින්ට හැකි ඉක්මනින් රට තුලට යන ලෙසත් උස් කඳු සහිත ප්‍රදේශ වලට යන ලෙසට නවසීලන්තයේ ආපදා සහන සේවා ඒජන්සිය විසින් දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

04
Capture 3


අපගේ නවතම වීඩියෝ පුවත්