පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් නාමල් ඉවත්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඉල්ලා අස්වී ඇති බව කතානායකවරයා අද (19) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

ඒ, අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉවත්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක එම කාරක සභාවේ සාමාජිකත්වයට පත්කර ඇති බවයි කතානායකවරයා සඳහන් කළේ.