පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන කතා පරිවර්තක එම්.කේ.රාහුලන්ට උපහාර

පාර්ලිමේන්තු කතා පරිවර්තන ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ විශිෂ්ට මෙහෙය උදෙසා පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන කතා පරිවර්තක කේ. රාහුලන් මහතාට සහ මෑත කාලීනව විශ්‍රාම ලැබූ හිටපු කතා පරිවර්තකයන් පස්දෙනෙකුට උපහාර දැක්වීමේ උළෙලක් ඊයේ (26) පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.

පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීරගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල ව්‍යවස්ථාදායක දෙපාර්ත‍මේන්තුව යටතේ ඇති පාර්ලිමේන්තු කතා පරිවර්තන කාර්යාලය මගින් සංවිධානය කර තිබුණා.

මෙහිදී, දශක තුනකට වැඩි පාර්ලිමේන්තු සේවා කාලය තුළ ඉටුකළ විශිෂ්ට මෙහෙවර උදෙසා පාර්ලිමේන්තුවේ හිටපු ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ පාර්ලිමේන්තුවේ හිටපු ප්‍රධාන කතා පරිවර්තක එම්. කේ. රාහුලන්ට ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන ඉහළම ගෞරව සම්මානය පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය විසින් ප්‍රදානය කිරීම සිදුවුණා.

එසේම මෑත කාලීනව විශ්‍රාම ලැබූ හිටපු නියෝජ්‍ය ප්‍රධාන කතා පරිවර්තකයන් වන කේ.එම් ක්‍රිස්ටෝපර් ,අයි.ඩී.එල් රත්නසීලි සහ හිටපු ජ්‍යෙෂ්ඨ කථා පරිවර්තකයන්වන එස්. ආර්.එම් නිසාම්, එච්.වී.එස් හීන්දෙණිය සහ සුනිල් වීජේසිංහ යන මහත්ම මහත්මීන්ට මෙහිදී උපහාර තිළිණ ප්‍රදානය කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර කියා සිටියේ; හිටපු ප්‍රධාන කතා පරිවර්තක කේ. රාහුලන් මෙරට පාර්ලිමේන්තු කථා පරිවර්තන ඉතිහාසයේ නොමැකෙන සටහනක් තැබූ බවයි.

එසේම අනෙකුත් උපහාරලාභීන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් දශක ගණනාවක් දැක්වූ දායකත්වය ද මහලේකම්වරියගේ විශේෂ ඇගයීමට ලක් කෙරුණා.

මෙහිදී අදහස් දැක්වූ හිටපු කතා පරිවර්තකයන් සිය පාර්ලිමේන්තු රාජකාරී ජීවිතයේ සොදුරු මෙන්ම අභියෝගාත්මක අත්දැකීම් සිහිපත් කළහ.

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න, අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා ) අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩ බලන) එම්. ජයලත් පෙරේරා, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කථා පරිවර්තක සී.ජේ කරුණාරත්න යන දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31