ප්‍රවීණ චිත්‍රපට, ටෙලි නාට්‍ය චරිතාංග රංගන ශිල්පියෙකු වන කුමාර රණේපුර අද දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
සටන් නළුවෙකු සහ දුෂ්ටයකු ලෙස තිරයේ බහුලව රැඟුම් පෑ ඔහු, චිත්‍රපට ගණනක සිය රංගන දායකත්වය ලබා දුන්නා.
“කළු සුදු මල්” චිත්‍රපටයෙන් සිනමාවට අවතීර්ණ වූ ඔහු “ජොලි හලෝ”, “තුෂාරා” (නව නිෂ්පාදනය), “ධවල පවුර”, “රජ හොරු”, “උලත් එකයි පිලත් එකයි”, “ප්‍රවේගය” සහ “ගෝරි” වැනි චිත්‍රපට රැසක රංගනයන් ඉදිරිපත් කළා.
කුමාර රණේපුර මිය ගිය පුවත ප්‍රවීණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ විසින් සිය මුහුණු පොතේ පළ කර තිබුණා. එමෙන්ම, කලාකරුවන් බොහෝ දෙනෙක් මෙම සුපිරි සටන්කාමීයා වෙනුවෙන් ශෝකය පළ කළ අයුරු දැකගත හැකියි.
පසුගිය කාලයේ සිදුවූ අනතුරකින් පසු සුසුම්නාව සම්බන්ධව ඇතිවූ ආබාධයක් නිසාවෙන් ඔහු රෝගීව කාලය ගත කළා