spot_imgspot_img
spot_img

ප්‍රේමය ගිනි ගනියි – පෙම්වතිය ඝාතනයට ලක් වෙයි

හෝමාගම – උසාවිය පාරේ බෝඩිම් කාමරයක් තුළ දී තම පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ, මෙම ඝාතනය සිදු කර ඇත්තේ 32 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඊයේ අලුයම් කාලයේ දී කළුතර – නාගොඩ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ තිබෙනවා.

නමුත් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් රෝහල් වෛද්‍යවරියකට සැක සිතීම හේතුවෙන් ඇය විසින් එම පුද්ගලයා ගැන රෝහල් පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිදු කළ සොයා බැලීමක දියි මෙම පුද්ගලයා සිය පෙම්වතියව ඝාතනය කර ඇති බවට හෙළි ව ඇත්තේ.

ඉන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් එම සැකකරුව හෝමාගම පොලිසියට භාරදී ඇති අතර, ඔහු විසින් සිය පෙම්වතියව නැවතී සිටි නිවසේ උඩු මහලේ තිබූ කාමරයේ දී ඇයගේ ගෙල කපා ඝාතනය කර ඇති බවට සොයා ගැනුණා.

ඝාතනයට හේතුව ප්‍රේම සබඳතාවේ ඇති වූ ආරවුලක් බවටත් හෙළි ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?