ප්‍රවීණ ගී පද රචක, පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වෙයි

ග්‍රන්ථ කතුවරයෙකු මෙන්ම ගී පද රචකයෙකු වූ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි අපවත් වී තිබෙනවා.

අසනීප තත්ත්වයක් මත රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී උන්වහන්සේ අපවත් වී ඇති අතර අපවත්වන විට උන්වහන්සේ 76 වැනි වියෙහි පසු වුණා.