spot_imgspot_img

පල්ලේකැලේ ක්‍රීඩාපිටිය යුද පිටියක්වන ඉන්දු – පාකිස්ථාන තරගයේ ටිකට්පත් සියල්ලත් විකිණී අවසන්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වන තරගයක් බවට පත්ව ඇති ඉන්දු – පාකිස්ථාන තරගයේ ප්‍රවේශපත්‍ර සියල්ල මේ වනවිට අලෙවි වී අවසන්ව ඇති බව වාර්තා වනවා.

සැප්තැම්බර් 02 වනදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ආරම්භ කළේ පසුගිය 17 වනදායි.

රුපියල් 9,600, 40,000 සහ රුපියල් 96,000 යන මිල ගණන්වලට මෙම තරගයේ ටිකට් පත් අලෙවිය සඳහා එක්කර තිබුණේ මාර්ග ගත ක්‍රමයටයි.

මේ අතර ලබන 22 වනදා මෙරට දී ආරම්භ වන පාකිස්ථාන සහ ඇෆ්ගනිස්ථානය අතර එක්දින තරගාවලිය නොමිලේ නැරඹීමට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දී තිබෙනවා.

02 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
12
+1
3
+1
0
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?