වන අලිීන් ඝාතනය කරන, පරිසරයට විනාශකාරී ක්රියාවන් සිදුකරන පරිසර ත්රස්තවාදීන් වෙත දැඩි දඬුවම් ලබාදිය යුතු බවට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කරනවා.
කහටගස්දිගිලිය, මීමින්නාවල ප්රදේශයේ කැලෑබඳ ප්රදේශයක තිබී ඇතකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මියගොස් දින කිහිපයක් ගතවු මෙම වන ඇතාගේ මළ සිරුර අද (01) දිනයේ සොයාගෙන ඇති අතර, ඇතා සොයා ගන්නා අවස්ථාව වන විට ඇතාගේ වම්පස දළය තිබී නැහැ.
ඇතාගේ වම් දළය කිසියම් පුද්ගලයකු විසින් කාපාගෙන ගොස් ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරනවා.
ඒ අතර දිගින් දිගටම සිදුවන මෙම වන අලි සංහාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස, තම X සමාජ මාධ්ය ජාලයේ සටහනක් තබා තිබෙනවා.
තවත් ඇත් රජෙක් මරා දමා ඇත. වනජීවී දෙපාර්තමේන්තුව වාර්තා කරන පරිදි, මෙය ඉතා බිහිසුණු දසුනකි. මේ සම්බන්ධයෙන් කඩිනම් සහ දැඩි ක්රියාමාර්ග ගැනීම අත්යවශ්යව පවතිනවා. මෙම විනාශය සහ විනාශකාරී ක්රියාවන් වැළැක්වීම සඳහා අපි එක්වෙමු; එමෙන්ම, මෙම වැරදිකරුවන් (පරිසර ත්රස්තවාදීන්) නීතිය හමුවට පමුණුවා, ඔවුන්ට දැඩිම දඬුවම ලබා දීමට කටයුතු කරමු යැයි සජිත් ප්රේමදාස මහතා ඒ සටහන මගින් අවධාරණය කර තිබෙනවා.
