Tuesday, January 14, 2025
Empty Ad
AFC Banner
AFC Banner

නේපාලයේ පස් කන්දක් බස් රථ දෙකක් මතට පත බෑවී 66 දෙනෙකු අතුරුදන්

නේපාලයේ බස් රථ දෙකක් මතට විශාල පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් 66 දෙනෙකුට වැඩි ප්‍රමාණයක් අතුරුදන් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (12) අලුයම මෙම අනතුර සිදු ව ඇති බවත් එම ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලෙමින් ඇති බවයි.

මේ හේතුවෙන් මුදා ගැනීම් කටයුතුවලට ද දැඩි බාධාවක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

අද අලුයම මධ්‍යම නේපාලයේ මදාන් – අශ්‍රිත් අධිවේගී මාර්ගයේ දී යි මෙම අනතුර සිදු ව ඇත්තේ.

මෙම අනතුරට ඉන්දියානුවන් 06 දෙනෙකු ද මුහුණ පා ඇති බවත් වාර්තා වනවා.

නේපාලයේ මධ්‍ය ප්‍රදේශයෙන් ගලා බසින ත්‍රිශූලි ගංගාවේ ජල මට්ටම ද ඉහළ ගොස් ඇති බැවින් අතුරුදන් වූවන් සෙවීමේ මෙහෙයුම්වලට තවදුරටත් බාධා එල්ල වී ඇති බවත් සඳහන්.

චිට්වාන් හි ප්‍රධාන දිස්ත්‍රික් නිලධාරි ඉන්ද්‍රදේව් යාදව් පැවසුවේ, බස් රථ දෙකෙහිම මගීන් 63 දෙනෙකු සිට ඇති බවයි.

මෙම බස් රථ දෙකෙන් එකක් කත්මණ්ඩු බලා ධාවනය වෙමින් තිබූවක් වන අතර අනෙක් බස් රථය කත්මණ්ඩු සිට රවුටාහාට් හි ගවුර් දක්වා ධාවනය වෙමින් සිට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?