නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් විනාශ කරයි

කටුනායක ගුවන් තොටුපොළ මගින් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් හැට අට ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් විනාශ කර තිබෙනවා.

අද (29) වත්තල , කෙරවලපිටිය වෙස්ටර්න් පවර් විදුලි ජනන බලාගාරයේ දී එම දුම්වැටි තොගය විනාශ කර තිබෙනවා.

විසි අට ලක්ෂයක් වන මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය , ඉකුත් 2026 අප්‍රියෙල් මස 01 දින සිට ජූලි මස 31 දින දක්වා , විවිධ රටවල සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් තිබූ බවට වාර්තාවෙනවා.

එම දුම්වැටි තොගය මෙරට වෙළද පොළෙහි අලෙවි කළා නම් එයින් රුපියල් හතලිස් තුන් කෝටි අනූ ලක්ෂයක බදු ආදායමක් රටට අහිමි වී යාමට ඉඩ තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා ප්‍රකාශ කරනවා.

මෙම දුම්වැටි තොගය කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන , රේගු පරීක්ෂණ නිමා කර ගුවන් තොටුපොළ ගුදම් ගබඩා තුළ රදවා තබා තිබූණා.

 මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සහභාගීවුණා.