නිවාස හදන බව කියා කෝටි ගණන් අරන් කට්ටි පැන්න 19 හැවිරිදි සැකකාරියක් අත්අඩංගුවට

සමාගම් අධ්‍යක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් ලබාගෙන එම නිවාස අර්ධ වශයෙන් ඉදිකර මුදල් සම්බන්දයෙන් සාපරාධී විශ්වාසය කඩකර වංචා කිරීමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයේ මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් සිදුකර තිබෙනවා.

මෙම විමර්ශනයේ ප්‍රතිඵල ලෙස ඊයේ (27) දින මෙම මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 27 හා සැකකාරිය අවුරුදු 19 ක් වන පූගොඩ සහ දොම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි ප්[ඔලීය සඳහන් කළේ.

සැකකරුවන් විසින් නිවාස ඉදිකර දෙන බවට පවසා මෙලෙස රුපියල් 38,770,000/- ක (තුන් කෝටි අසූ හත් ලක්ෂ හැත්තෑදහසක්) ලබාගෙන නිවාස අර්ධවශයෙන් ඉදිකර මුදල් සම්බන්ධ සාපරාධී විශ්වාසය කඩකර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.

මෙ සම්බන්ධව තවදුරටත් මුල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.