නැගෙනහිර පර්යන්තය ගැන සාකච්ජා කරන්න ඉන්දීය මහ කොමසාරිස් ජනපති සහ අගමැති හමුවෙයි

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමඟ ඇතිකරගත් ගිවිසුමට අනුව කටයුතු නොකිරිමට ශ්‍රී ලංකා රජය තීරණය කිරීමෙන් දිනකට පසුව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ඊයේ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ජා කළ බවට ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කර සිටිනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟඑක්ව  උපාය මාර්ගික පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තයඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා ඉකුත් 2019 වර්ෂයේ මැයි මාසයේ දී අත්සන් තබන ලද ත්‍රෛපාර්ශ්වික ගිවිසුම අනුව කටයුතු කිරිම අවශ්‍ය බවට මෙහිදී ඉන්දීය මහ කොමසාරිස්වරයා සිය සාකච්ජාවලදී ප්‍රකාශ කර ඇති බවයි හින්ද පුවත්පත වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට 51% ක් සහ ඉන්දියාව සහ ජපානය 49% ක් යනුවෙන් නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරිමට ගිවිසුම් ගතව තිබෙනවා.

නිල ඇස්තමේන්තු අනුව ඉන්දියාවේ අදානි සමූහය සහ ජපාන සමාගම් සමඟ එක්ව ඩොලර් මිලියන 700 ක මුදලක් ඊට වැය කරනු ඇතැයි අපේක්ෂා කර සිටියා.

විදෙස් ණය ලබා ගැනීම වෙනුවට විදෙස් ආයෝජන රටේ සංවර්ධනය සඳහා යයොදා ගත යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ප්‍රතිපත්තිය ලෙස ප්‍රකාශ කර ඇති පසුබිමක විදෙස් ආයෝජකයින් ගේ විශ්වාසය ආරක්ෂා කිරිමට ශ්‍රී ලංකාව පියවර ගනු ඇති බවට වන පණිවිඩය ඉන්දියාව විසින් මෙහිදී ලබාදී ඇති බවයි ද හින්දු පුවත්පත වාර්තා කර සිටිනවා.

ශ්‍රී ලංකා රජය විසින් ඩොලර් බිලියන 1.5 ක ජපාන ආයෝජනයක් සහිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරිම ඉකුත් වර්ෂයේදී සිදුකරනු ලැබූ බවද මෙහිදී හින්දු පුවත්පත වාර්තා කර සිටිනවා.

නැගෙනහිර පර්යන්තය සම්බන්යෙන් ලක් රජය ගත් තීන්දුව මේ දක්වා ඉන්දියාව හෝ ජපන් රජයට නිල වශයෙන් දැනුම් දී නොමැති බවත් ඔවුන් ඒ පිළිබඳව දැන ගෙන ඇත්තේ කැබිනට් තීරණ ප්‍රකාශ කිරීමේදී බවයි ද හින්දු පුවත්පත වාර්තා කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැරියකට කළ කැත වැඩක් කළ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයට වැඩ වරදී..කියන්න එපා කියලා තර්ජනය කරලා
01:54
Video thumbnail
ත්‍රීරෝද රථයක් සීඝ්‍රග්‍රාමී දුම්රියක ගැටී ත්‍රීවිල් රියදුරු එතනම එළොව යයි..
01:17
Video thumbnail
පාස්කු සිද්ධිය පස්සේ අදිසි හස්තයක් තිබුණා - රාජිත සලේ ගැන කට අරියි
02:09
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි
00:46
Video thumbnail
තෙවරක් වන්දනා කර සොරකමේ ආ සොරදෙටුවා
00:39
Video thumbnail
ෂාන් විජයලාල් මාංචුත් දාගෙන වැටි වැටි යන බන්ධනාගාර බස් එකට නගින හැටි - මූණත් අවුල් කරගෙන එන්නේ
01:27
Video thumbnail
ඇමති ආනන්ද විජේපාල කළ කතාවට ගම්මන්පිල පිංදෙයි - සලේ ගැන පට්ටපල් පච මාලාවක් කිව්වේ
11:53
Video thumbnail
ගාලුමුවදොර මුහුදේ ගසාගෙන ගිය දරුවෙකුගේ දිවි අහිමි වෙයි - සංවේදී දර්ශන සහිතයි..
01:58
Video thumbnail
මීළඟ ජනාධිපති වෙන්න නාමල් රාජපක්ෂ සූදානම් බව විදෙස් මාධ්‍යයට කියයි
01:07
Video thumbnail
වෙළඳසැල්වලට ගිහින් කප්පම් ගන්න හොර PHI -" කඩේ බලන්නේ නැතුව ඉන්නම්..කීයක් හරි දෙන්න කිව්වා"
06:04