පසුගිය 15 වැනිදා අඟුලාන මුහුදු තිරයේ දී අනතුරට පත් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවට සිට අතුරුදහන් වූ නිලධාරියාගේ යැයි සැක කෙරෙන දේහයක් අද (04) උදෑසන නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් යාත්‍රාවෙන් සොයාගෙන තිබෙනවා.
ආසන්න වශයෙන් අඩි 80ක ගැඹුරක යාත්‍රාව ස්ථානගතව තිබී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරෙන් පාඩු යාත්‍රාවේ සිටි අනෙක් පුද්ගලයින් 11 දෙනා අඟුලාන පොලිසිය සහ ප්‍රාදේශීය ධීවර ප්‍රජාවගේ සහාය ඇතිව සාර්ථකව මුදවා ගත්තා.
අතුරුදහන් වූ නිලධාරියා සොයා පානදුර සිට කොළඹ හරහා හලාවත දක්වා විහිදෙන මුහුදු ප්‍රදේශ සහ වෙරළ තීරය පුරා පුළුල් සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව සිදු කළ ද ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකි වුණා.













