Empty Ad
AFC Banner
Empty Ad

නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටිය දී එම පාසලේ ගුරුවරියකට හසුව තිබෙනවා.

09 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම සිසුවා තමන් වතුර රැගෙන එන බෝතලයට කසිප්පු රැගෙනවිත් ඒවා ඉහළ ශ්‍රේණිවල සිසුන්ට අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සිදුවීම ඊයේ (25) දිනයේ දී පාසලේ ගුරුවරියකට හසුවීමේ පසුව සිසුවාගේ භාරකාරීත්වය පාසලට කැඳවා අවවාදකර පිටත්කර යවා තිබෙනවා.

මෙම සිසුවාගේ මව විදේශ ගතව සිටීම හේතුවෙන් ඔහු සිය පුංචි අම්මා භාරයේ සිට පාසල් පැමිණ ඇති බවයි කලාවන පොලිසිය පැවසුවේ.

මෙම සිද්ධියෙන් පසු සිසුවාගේ භාරකාරීත්වයේ වගකීම තමන්ට භාරගැනීමට නොහැකි බව පවසමින් සිසුවා සමඟ ඔහුගේ පුංචි අම්මා කලවාන පොලිසිය වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඇය සිසුවාගේ භාරකාරීත්වයේ වගකීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති අතර, සිසුවාගේ භාරකාරීත්ව සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා අද (26) දිනයේ ඔවුන් රත්නපුර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබූ බවයි වාර්තා වුණේ.

එහිදී අධිකරණයේ දී සිසුවාගේ භාරකාරීත්ව ඔහුගේ වැඩිමල් සහෝදරයෙකු විසින් භාරගත් බව කලාවන පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
22
+1
43
+1
17
+1
38
+1
14
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් විශේෂ ප්‍රකාශයක් කිරීමට සැරසෙයි
05:13
Video thumbnail
මාලිමාවට ගමේ බලය නම් ගන්න වෙන්නේ නෑ - වාසුදේව කාලෙකට පස්සේ පිටියට බහියි
33:26
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමෙන් මිය ගිය දෙන්නා මෙන්න - අපි කියන දෙයක් අහනවද අම්මේ මෙයාලා
13:34
Video thumbnail
BREAKING NEWS 🔴
01:45
Video thumbnail
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.2
02:55:53
Video thumbnail
ආණ්ඩුවක් දුන්නා කියලා අපිට විශ්මකර්ම වැඩ කරන්න බලයක් නෑනේ
09:21
Video thumbnail
දේශබන්දු ගැන නියෝජ්‍ය ඇමති කට අරියි - ෂෝක් එකට ඇවිත් භාර වුණා එයා
06:32
Video thumbnail
KASTHIRAMA | නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටි.බි සරත් සහ සජබ පා.ම ජගත් විතාන සහභාගිවන කස්තිරම වැඩසටහන
01:27:43
Video thumbnail
මාව අතින් අල්ලන් ගිනින් CTB එක දුන්නේ - මම ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා
17:42
Video thumbnail
සභානායක 159 ඉන්න අයගේ නම් දන්නේ නෑ - නම් දන්නේ නැති නිසා වෙච්ච වැඩේ
07:40

?