නවතා තිබූ වෑන් රථයක් පැහැරගත් සැකකරුවෙක් අත්අඩංගුවට

නුවරඑළිය නානුඔය බ්ලැක්ෆූල් ප්දේශයේ නවතා තිබූ වෑන් රථයක් පැහැර ගනිමින් සිටි සැකකරුවෙකු නානුඔය පොලිසිය විසින් ඊයේ (30) දින රාත්‍රීයේ සැකපිට අතඅඩංගුවයට ගෙන තිබෙනවා.

සැකකරු තවත් පිරිසක් සමග පැමිණ නිවසක් අසළ මාර්ගයේ නවතා තිබූ වෑන් රථය පැහැර ගෙන යන බවට වෑන් රථයේ අයිතිකරු විසින් නානුඔය පොලිසිය වෙත දැනුම්දීමක් කර තිබෙනවා. වහාම ක්‍රියාත්මක වූ නානුඔය පොලිසියේ නිළධාරින් මෙහෙයුමක් දියත්කර නානුඔය ප්‍රදේශයේදිම වෑන් ථය සහ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වෑන් රථයේ සිටි සෙසු සැකකරුවන් පලා ගිය බව නානුඔය පොලිස් ආරංචිමාර්ගවලින් වාර්තාවෙනවා.

වෑන් රථය අයිතිකරු විසින් වෑන් රථය මිලදි ගැනීමට මුදල් ලබා ගෙන ගිවිසුම් ගත වූ පෞද්ගලික මූල්‍ය ආයතනයක වාරික ගෙවිම ප්‍රමාද කල නිසා මූල්‍ය සමාගමේ උපදෙස් මත (සිසර්) සැකකරුවන් විසින් මෙම වැන් රථය පැහැර ගෙන යමින් සිට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වනවා.

අතඅඩංගුවට ගත සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ෂණ ආරම්භ කරන බවත් නානුඔය පොලිසිය ප්‍රකාශ කරනවා.